Wednesday, December 17, 2014

වසන්තය

සීතල සුළං දසත පැතිරෙන
වසන්තය යලිත් ඇවිත්
පිණි ඇහැරුණ රාත්‍රියක
කුසුමක් ව විකසිත
සිනිඳු පෙති විදා
තටු සිඳුණු බඹරෙකුට
රොන් ගන්න

Monday, November 17, 2014

තව සමුනොදුන් සිහිනයක්

අඳුරු කළු වළා අතර සිරවී
ඉකි ගසන වැහි කඳුළු දෙගොඩ තලා
දොර ගලන  මතක සුවඳ
උනුහුමට තුරුළු වී
සීතලම වස්සාන රාත්‍රියක
දුර ඈත දිගන්තයේ
තව සමුනොදුන් සිහිනයක් නිදන
හුදකළා සුසානය
සැතපෙන්න මට.