හිතේ ඈතම තැනක
පාළු හුදකළා කුටියක
දුක හිතෙන....
හීනයක් වගේ
උණුසුමත් හීතලට
තවමත් දැනෙන
ඔබ උන්න තැන.....
කරුවල රාත්‍රියට
තරුවක් වෙලා
සැරිසරණ ඔබ දකින්න
හැමදාම මම එනවා
කවුළු පියන් අද්දරට.
පන්හිඳ ගෙන හිතට දැනෙන සිතුවිලි අකුරු වලින් අමුණන හීනය නැවුම් ආකාරයකට යථාර්තයක් උනා. මේ සුවිසල් ලෝකයේ තියෙන්නේ පන්හිඳට පමණක්ම, විඳින්න පුළුවන් නිදහසක්.පොදු පුද්ගලික සීමා මායිම් වලින් නිමවුන ලෝකය නිදහස් සිතුවිලි වලින් සිත්තම් කරන්න වෙන් කෙරෙනු, මගේ විද්‍යුත් අවකාශයට ආයුබෝවන් ......
Friday, November 20, 2015
Monday, November 9, 2015
කටු අකුල්
විඩාපත් වනතුරු
වසත් මං මාවත් දිගේ
පිය මැන්නෙමි
හිරු කිරණ පතිත වන තුරු
වසත් කල සිසිලසින්
මත් ව සැරී සැරුවෙමි
පිනි මැකී ගොස් ඇත
දෙපා ඉරි තැළී ඇත
වසත් මං මාවත් වලද
කටු අකුල් පැතිර ඇත.
වසත් මං මාවත් දිගේ
පිය මැන්නෙමි
හිරු කිරණ පතිත වන තුරු
වසත් කල සිසිලසින්
මත් ව සැරී සැරුවෙමි
පිනි මැකී ගොස් ඇත
දෙපා ඉරි තැළී ඇත
වසත් මං මාවත් වලද
කටු අකුල් පැතිර ඇත.
ආශාව පළගැටියෙකි
ආශාව
පළගැටියෙකි
ගිනි
දැල්ලටම
ඇදෙතියි
ඉගැන්වේ
පළගැටියා
මුග්ධ
ලෙස ගින්නට ඇදී
පිහාටු
දැවී
විනාශ
වෙයි
මේ
සනාතන දහම එපරිදි නමුත්
නවතා
ගත නොහැක මට මේ ලෙස සිතීමත්:
ඒ
සියුමැලි පියාපත් විනාශෙට
වගකිව
යුතු නැද්ද?
ගින්නද බින්දුවක්වත්.(උපුටා ගැනීමකි - Dr.විවිමරී වැන්ඩර්පූටන් )
නූපන් මල් කැකුළ
විකසිත වන්නට
පාරමිත පිරූ
නූපන් මල් කැකුළ
නටු අගින් සිඳ දමා
ගිම්හානයට ප්‍රථම
වසන්තය සැඟ වී ඇත..
පාරමිත පිරූ
නූපන් මල් කැකුළ
නටු අගින් සිඳ දමා
ගිම්හානයට ප්‍රථම
වසන්තය සැඟ වී ඇත..
නික්මයාම
හිරු කිරණ පතිත වී
උණුසුම්ව.....
වසත් මාවත්
පිනි මතින් පා තබා
යා නොහැක තව
බොහෝ දුර....
සබඳ මා ඉතින්
සමුගෙන ඔබෙන්
නික්ම යා යුතුව ඇත
විඩාපත් පැතුම් පොදිබැඳ.
උණුසුම්ව.....
වසත් මාවත්
පිනි මතින් පා තබා
යා නොහැක තව
බොහෝ දුර....
සබඳ මා ඉතින්
සමුගෙන ඔබෙන්
නික්ම යා යුතුව ඇත
විඩාපත් පැතුම් පොදිබැඳ.
Monday, August 24, 2015
ගෙවී ගිය වසන්තය
වසන්තය අවසන්
හෝරාව පැමිණ ඇත.
ගිම්හානය ආගන්තුක
වීමට ප්‍රථම.......
පලා යායුතුව ඇත.
වසත් මං මාවත්
නිසැකයෙන්ම
මිය ගිය මලින්
වැසී යනු ඇත.
සීතල උදෑසන,
පිනි පලසක,
නිරුවත් දෙපා අවදිකළ
නිද්‍රා යාමය......
යලි නොඑනු ඇත.
මායාව වී වසන්තය,
නැවත එනු ඇත.
සිත ඉරි තළන
මතකය.......
හීන සැතපෙන,
කුටියේ දොරගුළු
වසා තබනු ඇත.
Sunday, May 17, 2015
වසන්තය
බොහෝ පමාවී......
වසන්තය පැමිණ ඇත
බොහෝ ඉක්මනින්
වසන්තය නිමා වනු ඇත
මා මල් කැකුළක් වී නම්
වසත් කල මගේ වනු ඇත
පැහැ සර සුවඳ විහිදුන ද
ම විකසිත කුසුමකි
කටු පිරි කුසුමකි....
ගිමිහාණය නැවත
නොපැමිණෙයි නම්.
වසත් සුවඳ රැඳී
මං පෙත් දිගේ...
සිහිල් සුළඟ අතරින්
පියවර මනින්නට
සිතෙනු ඇත.....
වසන්තය පැමිණ ඇත
බොහෝ ඉක්මනින්
වසන්තය නිමා වනු ඇත
මා මල් කැකුළක් වී නම්
වසත් කල මගේ වනු ඇත
පැහැ සර සුවඳ විහිදුන ද
ම විකසිත කුසුමකි
කටු පිරි කුසුමකි....
ගිමිහාණය නැවත
නොපැමිණෙයි නම්.
වසත් සුවඳ රැඳී
මං පෙත් දිගේ...
සිහිල් සුළඟ අතරින්
පියවර මනින්නට
සිතෙනු ඇත.....
Subscribe to:
Posts (Atom)
