Wednesday, August 2, 2023

ජීවිතේ නවතිනවා

 හරි පුදුමයි 

එත්........... 

ජීවිතේ නවතිනවා 

නොහිතන එක තැනක 

නොහිතන එක මොහොතක 

කෙනෙක් මිය යනවා 

තවෙකෙක් උපදිනවා 

බොහොමයක් මැරී මැරී උපදිනවා 

ඇත්තටම මැරෙනකල්.

Tuesday, November 29, 2022

ඉඩෝරය

 ඉඩෝරය ළඟ ළඟම,

යලි මලක් පිපෙන තුරු 

මං බලා සිටියා 

නොඉවසිල්ලෙන්. 


දළු කොළ වියළිලා 

දර ඉපල් විසිරිලා

ගියත් ඉරිතැලුන 

මහපොළව සිසාරා 

මල් සුවඳ විතරක්ම ඇති 

මග බලන් මට ඉන්න 

වසත් කල 

එළිවෙන තුරා. 


Monday, August 22, 2022

ආලය

හිමිවීමක් අහිමි තැනක,

උපන් ආලයක

නිමාවක් සොයන,

මසිතේ අන්තයක.

මේ දැනුත්,

සිතිවිල්ලකි

ඔබ.

Tuesday, November 5, 2019

For All We Know (We May Never Meet Again)
For all we know
We may never meet again
Before we go
Make this moment live again
We won't say goodbye
Until the last minute
I'll hold out my hand
And my heart will be in it
For all we know
This might only be a dream
We come and we go
Like the ripples, like the ripples in the stream
So baby,

Monday, October 28, 2019

කාන්තාව

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන මා කුඩා කල පටන් අසා ඇතිමුත්, එහි භාවිතය කෙතරම් කටුකද යන්න වටහා ගෙන නොසිටියෙමි. පරිවර්තනය වෙමින් හෝ දියුණු වෙමින් පවතින ආසියාතික රටවල අධ්‍යාපනය, රැකියාව සහ දේශපාලනය යන කාරණා  වලදී කාන්තාවට කිසියම් ඉඩ ප්‍රස්ථාවක් ලැබී ඇතිමුත් සමාජීය වශයෙන් සහ ආකල්පමය වශයෙන් ස්ත්‍රිය අතිශය පහත් තලයකට හෙලා ඇත.

කාර්ය බහුල රැකියාවක නිරත කාන්තාවකට වුවද ගෘහනියගේ කාර්යභාරය මග හැරිය නොහැක.සම්ප්‍රදායික දැඩි මතධාරී පුරුෂ මූලික ආකල්ප තුල ස්වාමියා කිසි විටක අනොන්‍යය වශයෙන් උදව් උපකාර නොකරණ අතර ආහාර සම්බන්දව නූතන රැල්ල කාන්තාව තලා පෙලනු ඇත. ලෙඩ රෝග ඇතිකරණ  සහ ජානමය වශයෙන් වෙනස්කරන ලද ආහාර භාවිතය නුසුදුසු බැවින් කාබනික ආහාර වෙත යොමු වීමට සිදුවනු ඇත. ව්‍යායාම වලින් තොර අලස ස්වාමියන්ගේ ශරීර සෞක්‍යය පවත්වා ගැනීමට සරිලන අහර රටාවක්ද පවත්වා ගත යුතුය.  

දරුවන් කෙරෙහි අපරිමිත සෙනෙහසින් ඔවුන් රැක බලා ගැනීම මවගේ යුතුකමක් පමණක් වනුයේ ස්ත්‍රී පුරුෂ ආදායමේ විෂමතාව නිසාවෙනි. රැකියා වෙළඳ පොළ තුල ද ලිංගික අනන්‍යතාව මත වැටුප වෙනස් වන අතර රැකියාවක් ලබා ගැනීමේදී පවා විවාහක අවිවාහක බව, දරුවන් ඇති නැති බව යන කාරණාද ඉස්මතු වනු ඇත, තවද අද්‍යාපනය සහ අත්දැකීම් අතින් සමාන වුවද කාන්තාව වෙනස් කොට සලකනු ලබයි.

කාර්යාලයේදී සහ නිවාස තුලදී හිංසනයට ලක්වන කාන්තාව තම රැකියා සුරක්ෂිතත්වය හෝ දරුවන් උදෙසා විවාහය පවත්වාගෙන යාම උදෙසා නිහඬව සිටී. හිංසනය විවිධාකාරයෙන්  වන අතර කායික,මානසික,වාචික සහ සාමාජීය වශයෙන් විය හැකිය. සැබවින්ම පිළිකුල් සහගත මෙවන් අත්දැකීම් කාන්තාවගේ ශක්තිය හීන කරනු ඇත.

බොහෝ කාන්තාවන්ගේ ජීවිත කාලය ග්‍රාම්‍ය කඩතොළු වූ හෘද සාක්ෂියක් ඇති පිරිමින් විසින් ලියා අවසන් කරනු ඇත.



Tuesday, April 3, 2018

මේ දුර තනිව

අවසනට.......
තනිකම විතරක්ම
ඉතුරුවෙලා,
වෙහෙසකර දිවිය
තවත් හරි දුරයි.

අතරමග හැරී 
ආපසු යන්න
සිතුනත් ඉතින්,

දැන් කොහොම
මම යන්නේ,
මේ දුර තනිව.

Tuesday, July 11, 2017

සංවේදන

මානවයාගේ විස්කෘත මනෝභාවයන් සුවපත් කළ හැකි ඔසුවක් අවැසි කාලයකි මෙය.සියල්ල අපගේ පුද්ගලික අත්දැකීම් නොවනු ඇත. එහෙත් අනෙකෙකුගේ  අතිශ්‍යය සංවේදී අත්දැකීමක භාවයන් හඳුනා ගැනීමෙහිලා එය බාදාවක් නොවෙනු ඇත. විටෙක කෙනෙකු සිය දිවිය අතහැර දා යනු තීරණය කරනුයේ හැගීම්බරව යන්න තර්ක කරන අයවලුන් එම අත්දැකීම තමාගේ වන දිනයට සියලු දාර්ශනික මත බැහැර කරනු ඇත. 
මේ ජීවිත කාලය තුල ඔබ හෝ මා  දැනුවත් භාවයෙන්  තොරව පාරාවළලු තුළ සිරවී ඇතිද යන්න විමසා බැලීම වටී .විටක එය ප්‍රේමය යයි කියනු අසා ඇත, තවත් විටක එය ඔබගේ ජීවන උපාය විය හැකිය. ඔබට ඉන්  මිදී යාමට නොහැකිව විය හැකිය. 
කඳුලින් පිරි කටුක අමිහිරි අත්දැකීම් ඔබ පසුපස හඹා එනු විය හැකිය.එවිට බොහෝ ආදරණීයන්අතර ඔබ තනිවී ඇති සෙයක් දැනෙනු ඇත. අවසන ඔබට පලා යාමට සිතෙනු ඇත.  
එවන් තැනකදී නිසැකයෙන්ම ඔබ නැවත උපදිනු හෝ මේ අඳුරු ලෝකයෙන් සමුගෙන යනු ඇත. ජීවිතය තුලදී ඔබ නැවත නැවත උපදී නම් ඔබේ ඇතුළාන්තය සැබෑ මිනිසකුගේ නවාතැන වනු ඇත. ඔබ මේ දිවිය අතහැර යා නම් මේ ලොව තවද විස්කෘත මනෝභාවයන්ගේ නවාතැන වනු ඇත .