Friday, November 3, 2023

Flowers and Cloudy Blue Sky


 

Tender Leaves Landscape


 

Sunset Landscape


 

මට කැමති ද

Pass out වෙලා 

දැන් අවුරුදු දහ තුනක් 

කැම්පස් එකේ 

හිටපු කොල්ලෙක් 

ඇහුවා දැන්වත් 

මට කැමති ද කියල 

මන් ඇහුවා 

බඳින්නද ඒ කියල 

ඒත්, මන් බැඳලා 

දැන් අවුරුදු දහයකුත් ගෙවිලා 

නොදකින් ගල් මුසලයා 

ඌ කිව්වා 

නෑ ..............

sex කරන්න කියල


Sunday, October 22, 2023

ජීවිතේ කඩතොළු...

පැලැස්තර දමා

පිළිසකර කල නොහැක.

සියලු කඩතොළු, 

ජීවිතේ….  

ගමනක නිමාව

පෙනෙන 

නොපෙනෙන 

නෙත් ඉමේ 

ගමන නිමවන 

ඉසව්වේ,

තදින් ඇද බැඳ 

සිටි සියල්ලම 

ගිලිහෙනවා 

එක ඇසිල්ලේ.

Wednesday, August 2, 2023

ජීවිතේ නවතිනවා

 හරි පුදුමයි 

එත්........... 

ජීවිතේ නවතිනවා 

නොහිතන එක තැනක 

නොහිතන එක මොහොතක 

කෙනෙක් මිය යනවා 

තවෙකෙක් උපදිනවා 

බොහොමයක් මැරී මැරී උපදිනවා 

ඇත්තටම මැරෙනකල්.