Monday, November 9, 2015

ආශාව පළගැටියෙකි

ආශාව පළගැටියෙකි
ගිනි දැල්ලටම
ඇදෙතියි ඉගැන්වේ
පළගැටියා
මුග්ධ ලෙස ගින්නට ඇදී
පිහාටු දැවී
විනාශ වෙයි
මේ සනාතන දහම එපරිදි නමුත්
නවතා ගත නොහැක මට මේ ලෙස සිතීමත්:

සියුමැලි පියාපත් විනාශෙට
වගකිව යුතු නැද්ද?
ගින්නද බින්දුවක්වත්.

(උපුටා  ගැනීමකි - Dr.විවිමරී වැන්ඩර්පූටන් )

නූපන් මල් කැකුළ

විකසිත වන්නට
පාරමිත පිරූ
නූපන්  මල් කැකුළ
නටු අගින්  සිඳ  දමා
ගිම්හානයට ප්‍රථම
වසන්තය සැඟ වී ඇත..


නික්මයාම

හිරු කිරණ පතිත වී
උණුසුම්ව.....
වසත් මාවත්
පිනි මතින් පා තබා
යා නොහැක තව
බොහෝ දුර....

සබඳ මා ඉතින්
සමුගෙන ඔබෙන්
නික්ම යා යුතුව ඇත
විඩාපත් පැතුම් පොදිබැඳ.

Monday, August 24, 2015

ගෙවී ගිය වසන්තය


වසන්තය අවසන්
හෝරාව පැමිණ ඇත.
ගිම්හානය ආගන්තුක
වීමට ප්‍රථම.......
පලා යායුතුව ඇත.

වසත් මං මාවත්
නිසැකයෙන්ම
මිය ගිය මලින්
වැසී යනු ඇත.

සීතල උදෑසන,
පිනි පලසක,
නිරුවත් දෙපා අවදිකළ
නිද්‍රා යාමය......
යලි නොඑනු ඇත.

මායාව වී වසන්තය,
නැවත එනු ඇත.
සිත ඉරි තළන
මතකය.......
හීන සැතපෙන,
කුටියේ දොරගුළු
වසා තබනු ඇත.




Sunday, May 17, 2015

වසන්තය

බොහෝ පමාවී......
වසන්තය පැමිණ ඇත
බොහෝ ඉක්මනින්
වසන්තය නිමා වනු ඇත

මා මල් කැකුළක්  වී නම්
වසත් කල මගේ වනු ඇත
පැහැ සර සුවඳ විහිදුන ද  
ම විකසිත කුසුමකි
කටු පිරි කුසුමකි....

ගිමිහාණය නැවත
නොපැමිණෙයි නම්.
වසත් සුවඳ රැඳී
මං පෙත් දිගේ...
සිහිල් සුළඟ අතරින්
පියවර මනින්නට
සිතෙනු ඇත.....

Tuesday, March 10, 2015

අබලන් ජීවිතය

ඉර හඳ වියැකුණ
ලෝකය නතර වී
නිහැඬියාව රජයන
පාළු නිමේෂය
කල්ප කාලයක්
ප්‍රේමය මායාවක්ව
හිත ඉරිතලන
සුසුම්ලන
අබලන් ජීවිතය
රැගෙන ඈතටම
ඉගිලෙන්න
අවසර මන්ද තව 

Thursday, February 19, 2015

LIFE

I'm not even upset
Hurt or angry anymore
I'm just tired
I'm tired of putting in
more effort than I receive.
I'm tired of holding up for nothing
I'm tired of believing you
I'm tired of you providing
me wrong every time.
I'm tired of getting
my hopes up and being
disappointed again.