බොහෝ පමාවී......
වසන්තය පැමිණ ඇත
බොහෝ ඉක්මනින්
වසන්තය නිමා වනු ඇත
මා මල් කැකුළක් වී නම්
වසත් කල මගේ වනු ඇත
පැහැ සර සුවඳ විහිදුන ද
ම විකසිත කුසුමකි
කටු පිරි කුසුමකි....
ගිමිහාණය නැවත
නොපැමිණෙයි නම්.
වසත් සුවඳ රැඳී
මං පෙත් දිගේ...
සිහිල් සුළඟ අතරින්
පියවර මනින්නට
සිතෙනු ඇත.....
පන්හිඳ ගෙන හිතට දැනෙන සිතුවිලි අකුරු වලින් අමුණන හීනය නැවුම් ආකාරයකට යථාර්තයක් උනා. මේ සුවිසල් ලෝකයේ තියෙන්නේ පන්හිඳට පමණක්ම, විඳින්න පුළුවන් නිදහසක්.පොදු පුද්ගලික සීමා මායිම් වලින් නිමවුන ලෝකය නිදහස් සිතුවිලි වලින් සිත්තම් කරන්න වෙන් කෙරෙනු, මගේ විද්‍යුත් අවකාශයට ආයුබෝවන් ......
Sunday, May 17, 2015
Tuesday, March 10, 2015
අබලන් ජීවිතය
Thursday, February 19, 2015
LIFE
I'm not even upset
Hurt or angry anymore
I'm just tired
I'm tired of putting in
more effort than I receive.
I'm tired of holding up for nothing
I'm tired of believing you
I'm tired of you providing
me wrong every time.
I'm tired of getting
my hopes up and being
disappointed again.
Hurt or angry anymore
I'm just tired
I'm tired of putting in
more effort than I receive.
I'm tired of holding up for nothing
I'm tired of believing you
I'm tired of you providing
me wrong every time.
I'm tired of getting
my hopes up and being
disappointed again.
Wednesday, December 17, 2014
වසන්තය
සීතල සුළං දසත පැතිරෙන
වසන්තය යලිත් ඇවිත්
පිණි ඇහැරුණ රාත්‍රියක
කුසුමක් ව විකසිත
සිනිඳු පෙති විදා
තටු සිඳුණු බඹරෙකුට
රොන් ගන්න
වසන්තය යලිත් ඇවිත්
පිණි ඇහැරුණ රාත්‍රියක
කුසුමක් ව විකසිත
සිනිඳු පෙති විදා
තටු සිඳුණු බඹරෙකුට
රොන් ගන්න
Monday, November 17, 2014
තව සමුනොදුන් සිහිනයක්
Thursday, October 18, 2012
පුංචි සුදු මල
මායා ස්වප්නයක
පුංචි සුරඟන අන්දරයක
නෙක පාට මල් අතර
මා සිටියා සුවදැති සුදු මලක් වෙලා
අහිංසක පුංචි සුදු මල
බඹරු එහෙම කිව්වා
බාඳුරා, ලියතඹරා හා කිණිහිරියා
පාට පාට මල් සැණකෙළියක්
උන් එහි සිත් සේ සැරි සරනවා
සුදු මල් පෙතිවලට
පාට තවරන්නට හැකිය
සවන් අග රැඳුනා.......
හමන සුළගට සිදී මියයන
පාද ස්පර්ශයෙන්
අවසන් ගමන් යන්නට
මල් වලට තව පාට තවරන
පුදුම සිහිනය...............
නොකිලිටි පුදසුනක
සුවද සුදු මලක් වෙන
පැතුම විතරක් ඇති
පාට නැතුවට
සුදු මල් පෙති වලට.
Thursday, July 19, 2012
එක්ටැම් ගෙය
එක්ටැම් ගෙය විමනක් වන්නේ
මඩ පිරුණ ගැඹුරු දිය
ඊටත් වඩා බියකරු නිසා
දුක සේ සිතන සියල්ල
සාපේක්ෂව අම මී ලෙසට
ගිනිය හැකිය
ජීවිතය යථාර්තයෙන් බැහැරව
හැසිරවිය නොහැකිය
අග සිට මුලට පොදු වචනාර්ථ
සමූහයක් උවද
ඒලෙස ලගූ කල නොහැක
ලොව සසලන මහා පෞරුෂ
රහසේ සසලවන
පොදු ලෙස ගැනෙන
දිවි මග නියතවම
හැරවුම් ලක්ෂ්‍යක් වන
ප්‍රේමය මනෝ මූලිකය
සැබෑ පෙම්වතුන්
සොඳුරු විප්ලවවාදීන්ය
මමත්වය පරදන ඔවුන් අතලොස්ස
කටුකත්වයෙන් ඔබ්බට වන
මිහිරි සන්හින්දියාවේ
ස්පර්ශය ලබනු ඇත.
මඩ පිරුණ ගැඹුරු දිය
ඊටත් වඩා බියකරු නිසා
දුක සේ සිතන සියල්ල
සාපේක්ෂව අම මී ලෙසට
ගිනිය හැකිය
ජීවිතය යථාර්තයෙන් බැහැරව
හැසිරවිය නොහැකිය
අග සිට මුලට පොදු වචනාර්ථ
සමූහයක් උවද
ඒලෙස ලගූ කල නොහැක
ලොව සසලන මහා පෞරුෂ
රහසේ සසලවන
පොදු ලෙස ගැනෙන
දිවි මග නියතවම
හැරවුම් ලක්ෂ්‍යක් වන
ප්‍රේමය මනෝ මූලිකය
සැබෑ පෙම්වතුන්
සොඳුරු විප්ලවවාදීන්ය
මමත්වය පරදන ඔවුන් අතලොස්ස
කටුකත්වයෙන් ඔබ්බට වන
මිහිරි සන්හින්දියාවේ
ස්පර්ශය ලබනු ඇත.
Subscribe to:
Posts (Atom)






