එක්ටැම් ගෙය විමනක් වන්නේ
මඩ පිරුණ ගැඹුරු දිය
ඊටත් වඩා බියකරු නිසා
දුක සේ සිතන සියල්ල
සාපේක්ෂව අම මී ලෙසට
ගිනිය හැකිය
ජීවිතය යථාර්තයෙන් බැහැරව
හැසිරවිය නොහැකිය
අග සිට මුලට පොදු වචනාර්ථ
සමූහයක් උවද
ඒලෙස ලගූ කල නොහැක
ලොව සසලන මහා පෞරුෂ
රහසේ සසලවන
පොදු ලෙස ගැනෙන
දිවි මග නියතවම
හැරවුම් ලක්ෂ්‍යක් වන
ප්‍රේමය මනෝ මූලිකය
සැබෑ පෙම්වතුන්
සොඳුරු විප්ලවවාදීන්ය
මමත්වය පරදන ඔවුන් අතලොස්ස
කටුකත්වයෙන් ඔබ්බට වන
මිහිරි සන්හින්දියාවේ
ස්පර්ශය ලබනු ඇත.

මේකට ප්රස්තුතය වුනේ මොකක්ද?
ReplyDeleteතිත්ත යථාර්තය
ReplyDelete