Thursday, May 31, 2012

රාත්‍රිය













රිතැලුන කළු වලා
සළු පිලි උනා  
පුර සඳ ඇහැරුන රාත්‍රිය
සරසන පිනි කඳුළු
හීනියට ඉකිබිඳින 
සීතල චමත්කාරය..........
නුඹේ දෙසවන
සනහන පිරිත් ස්වරයක්ව,
පහන් වේ නම්............
යළිඳු අරුනල්ලක්ව,        
නෙතු සැලෙන.....
අනන්ත රාත්‍රිය...........



මේ නිසදැසේ තේමාව, 
සොබාදහමේ වෙනස්වීම සහ මිනිස් හිතේ වෙනස්වීම් අතරේ තියන සංවේදීත්වය දක්වන්නකි.වැස්ස කියන්නේ මහා පොලව අස්වද්දන බලාපොරොත්තුව, එත් මහා වැස්සක පෙර නිමිති කියන අහස හරියට දුක් කම්කටෝලු වලින් පිරුන මිනිස් සිත වගේ.. වැස්සක ඇරඹුම සහ අවසාන අතර දිගු නිදි වරණ  රාත්‍රියක හැඩ  තල තියෙනවා.එත් වැහි දියෙන් නැහැවුන අලුත් දවසක්, කඳුළු වලින් සුවපත් උන මිනිස් හිතක් වගේ. ඒ තුල පවතින්නේ අරුනල්ලක චමත්කාරය , පිරිත් ස්වරයක සන්හිඳියාව........

No comments:

Post a Comment