හිස් අහසින්
දිය බිඳක් යදින
සහසක් පෙම්වතුන්
පොද වැස්සට
උමතු වී
මවන සැණකෙළි
බිඳී විසිරෙන
මුරුගසන් වරුසාව වී
ඇසුරු සැනෙක
මහා පොළොව සසලන
මලගිය පැතුම් වලට
සරදම් කරන
නිරුවත් අහස කුස
නුඹට හිමි නැති
නුඹ ලියා වෙණ වයන
විරහ ගීතය......

No comments:
Post a Comment