පාට තැවරූ දෙතොලග
අඩවන් ව දෙනයන
වෙස් මූණු බැඳී
මුදු සේද සළු ඇඳි
රුවැත්තී.....
විනිවිද අඳුරු මග තොට
සැරිසරන චංචල සිත
දඩයමේ කණිසමට
නොමග යන උන්ට
කරන ඇරයුම
විසුළු උව මහලු උව
සතර පෙරනිමිති සිහි කල
මිල මුදල් අතමිට
ගැවසෙන කලට යහමින
උනා සළු පිලි
නිසඟ පැතුමන්
සිතුම් රවටා
දෝර ගලනා
ඇගෙ නුරා හැගුමන්......

No comments:
Post a Comment